මෙම බ්ලොග් ලිපිය තුලින් සඳ ගැන කුතුහලයෙන් සිටින ඕනෑම කෙනෙකුට සිත්ගන්නාසුලු සංසිද්ධි දෙකක් අපි සාකච්ඡා කරන්නයි යන්නේ! Read in English

සඳ විවිධ ප්‍රමාණවලින් දිස්වන්නේ ඇයි?

ඔබ සාමාන්‍යයෙන් සුන්දර රාත්‍රියක එළිමහනේ ඇවිදින විට, විශේෂයෙන් පුර පසළොස්වක පොහොය දිනක් නම්, ඔබ සඳ දෙස බැලීමට නැඹුරු වන බව කියන්න අවශ්‍ය නැහැ. ඔබ මෙම සුන්දර දර්ශනය භුක්ති විඳිමින් සිටියදී, මෙම එකම සඳ විවිධ දිනවල වෙනස් ප්‍රමාණවලින් හෝ රාත්‍රී අහසේ සඳ පිහිටීම අනුව වෙනස් ප්‍රමාණවලින් දර්ශනය වන බව ඔබ දැක තිබේද? විශේෂයෙන් සුපුරුදු ප්‍රමාණයට වඩා විශාල බව ඔබ දැක තිබේද? Unsplash image 9

ඔබේ පිළිතුර ඔව් නම්, සහ මෙම සංසිද්ධිය පිටුපස ඇති සැබෑ විද්‍යාව දැන ගැනීමට ඔබ තවමත් උනන්දු වන්නේ නම්, ඔබ ඒක සොයා ගැනීමට ආසන්නයි. අපිට පුළුවන් මෙම ගැටළුව අවස්ථා දෙකකට බෙදන්න. එක් සිද්ධියක් භෞතික අවකාශයේ සැබවින්ම සිදුවන දෙයක් වන අතර අනෙක් කාරණය ඔබේ මොළය තුළ සිදුවන දෙයක් වන අතර එය විද්‍යාත්මක උපකල්පිත (සරල) පැහැදිලි කිරීම් සමඟ තේරුම් ගත හැකිය.

1. සුපිරි චන්ද්‍රයා

සුපිරි සඳක් යනු, පූර්ණ චන්ද්‍රයා හෝ නව සඳක් පෘථිවියේ සිට ඔබ දකින සුපුරුදු පුර පසළොස්වක සඳේ ප්‍රමාණයට වඩා තරමක් විශාල මොහොතක්. එය සිදුවන්නේ පෘථිවිය වටා ඇති චන්ද්‍රයාගේ කක්ෂයේ ස්වභාවය නිසාය. පෘථිවිය වටා ඇති මෙම සඳ කක්ෂය පරිපූර්ණ චක්‍රයක් නොවේ. එය පෘථිවියට කි.මී. 382,000 ක මධ්යන්ය දුරක් ඇති ඉලිප්සාකාර කක්ෂයකි. නාසා ආයතනයේහි පර්යේෂකයන් පැහැදිලි කරන්නේ පෘථිවිය, සූර්යයා සහ අනෙකුත් සියලුම ග්‍රහලෝකයන් එකිනෙකට වෙනස් ගුරුත්වාකර්ෂණ ඇදීම් හා තල්ලු කිරීමේ බලයන් සඳ මතට ඇති කරන බවත් මේ හේතුකොට සඳට ඉලිප්සාකාර කක්ෂයක් ලැබී ඇති බවයි.

Unsplash image 9

මෙය සිදුවන්නේ කෙසේද?

තාරකා යාන්ත්‍රික විද්‍යාවට අනුව ඉලිප්සාකාර කක්ෂයක්, එකකට වඩා අඩු විකේන්ද්රිකතාවයක් සහිත කෙප්ලර් කක්ෂයක් යැයි කියනු ලැබේ. ඉහත නිදර්ශනයේ දී ඔබට පැහැදිලිව දැකගත හැකි ලෙස සඳෙහි කක්ෂයේ විශේෂ ස්ථාන දෙකක් ඇත. එම ස්ථාන නම් පෘථිවියට ආසන්නතම ලක්ෂ්‍යය නැතහොත් Perigee සහ දුරනතම ලක්ෂ්‍යය නැතහොත් Apogee ලෙසත් හැඳින්වේ. දින 27 ක කක්ෂයකින් පෘථිවිය වටා ගමන් කරන විට චන්ද්‍රයා Perigee හි හෝ එම ස්ථානයට ආසන්නව සිටින විට, පෘථිවියේ සිට පෙනෙන චන්ද්‍රයාගේ ප්‍රමාණය විශාල බව පෘථිවියේ සිට සඳට ඇති දුර අඩු නිසා පැහැදිලිය. නමුත් සැබෑ බලපෑම දැකීමට තවත් අවශ්‍යතාවයක් තිබේ, සෑම දින 29.5 කට වරක්ම සිදුවන චන්ද්‍රයා එහි පුර පසළොස්වක අවධියේම තිබිය යුතුය . දෙකම සඳෙන් සෑහීමකට පත්වේ නම්, එය සියයට 30 ක් වැඩි දීප්තියකින් පෙනෙන අතර සාමාන්‍ය පෙනෙන සඳ තැටියට වඩා සියයට 14 ක් විශාල වේ.

Unsplash image 9

චන්ද්‍රයා එහි Apogee ස්ථානයේ සිටින විටත් එය සම්පූර්ණ අවධියේදී හෝ නව සඳක් වන විටත් මෙය micro-moon හෝ mini-moon ලෙස හැඳින්වෙන අතර එය ඔබට එතරම් හුරු නැති විය හැකිය. මෙහි ඒ හා සමාන නමුත් ප්‍රතිවිරුද්ධ ආකාරයකින් දීප්තිය සියයට 30 කින් අඩු වන අතර තැටියේ ප්‍රමාණය වෙනදාට වඩා සියයට 14 ට වඩා කුඩා වනු ඇත. Unsplash image 9

සඳෙහි ඉලිප්සාකාර කක්ෂය නිසා, ඉහත ප්‍රස්ථාරය ලෙස කාලයත් සමඟ පෘථිවියට ඇති දුර දෝලනය වන ස්වභාවයක් පෙන්නුම් කරයි. ඔබට පෙනෙන පරිදි, පූර්ණ චන්ද්‍රයන් තිත් වලින් ද නව චන්ද්‍රයන් x තුළ ද ඉහත ප්‍රස්ථාරය දක්වා ඇත. 2020 දී පෘථිවියට ආසන්නතම දුරක් ඇති පූර්ණ චන්ද්‍රයන් දෙදෙනෙකු සිටින බව ඔබට පෙනේ. ඒවා මාර්තු 9 සහ අප්‍රියෙල් 7 යන දිනවල සුපිරි චන්ද්‍රයන් දෙදෙනෙකු වූ අතර ඒවා ඔබ දැනටමත් ඔබේම දෑසින් නරඹා ඇති.

එකම හේතුව එයද?

ඉහත කොටසේදී අපි සඳ වෙනදාට වඩා වෙනස් ප්‍රමාණයෙන් දර්ශනය වීමට එක් හේතුවක් ගැන සාකච්ඡා කළෙමු. කෙසේ වෙතත්, එය එකම හේතුව නොවේ. සුපිරි චන්ද්‍රයන් එහි දීප්තියේ වැඩිවීම හැරුණු විට මිනිස් ඇස් සඳහා විශාල ප්‍රමාණයේ වර්ධනයක් නොපෙන්වයි. අපගේ ඇස්වලින් අප දකින වස්තුවක ප්‍රමාණය විනිශ්චය කිරීම සඳහා ඔබේ මොළය තුළ සිදුවන ක්‍රියාවලියක් ඇත . ඒක අපිට කියනවා “මගේ දෙවියනේ! අද සඳ විශාලයි!”. මෙය සඳ මායාව (the moon illusion) ලෙස හැඳින්වෙන අතර මෙම ලිපියෙන් අපි සාකච්ඡා කිරීමට යන්නේ එය පිටුපස ඇති හේතු ය.

2. සඳ මායාව

මෙය දෘශ්‍ය මායාවක් වන අතර එමඟින් චන්ද්‍රයා ඉහළ අහසේ දිස්වනවාට වඩා ක්ෂිතිජය අසල විශාල ලෙස දිස් වේ. ඔබ බොහෝ දෙනෙක් පුර පසළොස්වක දිනයක් ආසන්නයේ මේ දේ අත්විඳ ඇති. සුපිරි සඳ තත්වයේ දී මෙන් නොව, පෘථිවියේ සිට සඳට ඇති දුර නොතකා මෙය සිදුවිය හැකිය.

Unsplash image 9

ඉහත රූපයේ මෙන්, ක්ෂිතිජයට ආසන්නයේ චන්ද්‍රයා විශාල වන අතර එය ක්ෂිතිජයෙන් ඉවත සිටින විට සාමාන්‍ය ප්‍රමාණයෙන් දිස් වේ. එය සඳ මායාව වන අතර, සැබෑ හේතුව තවමත් පර්යේෂකයන් විසින් විවාදයට ලක් කර ඇති අතර එය සාධාරණ ලෙස විස්තර කිරීම සඳහා සාධාරණ උපකල්පන කිහිපයක් මතු වේ. මෙහිදී අපි වඩාත් සාධාරණ පැහැදිලි කිරීම් දෙක පහත පරිදි සාකච්ඡා කරමු.

  1. Apparent distance hypothesis (පෙනෙන දුර කල්පිතය)
  2. Relative size hypothesis (සාපේක්ෂ ප්‍රමාණයේ කල්පිතය)

2.1 පෙනෙන දුර කල්පිතය

මෙම කල්පිතයට අනුව, ක්ෂිතිජ චන්ද්‍රයා, සාමාන්‍ය ප්‍රමාණයෙන් සිටින චන්ද්‍රයාට (අපගේ හිසට ඉහළින්) වඩා දුරින් සිටිනවා ලෙස පෙනෙන නිසා, ක්ෂිතිජ චන්ද්‍රයා වඩා විශාල ලෙස පෙනෙන බවයි . එය ඔබට එකවර තේරුම් ගැනීමට අපහසුද ?? ඔබගේ දෛනික අත්දැකීම් වලින් තේරුම් ගැනීමට උත්සාහ කරමු . කුරුල්ලෙකු හෝ ගුවන් යානයක් වැනි වස්තුවක් අපට ඉහළින් විටදී එයට අපගේ සිට ඇති දුර, එම වස්තුවම ක්ෂිතිජය අසල ඇති විටදී පෙනෙනවාට වඩා සමීපව පෙනෙන අතර එය එසේ වන්නේ සැබවින්ම ඇත සිට අප අසලට අහසින් තිරස් මාර්ගයක එම වස්තු පැමිනෙන විට ඒවාට ඇති සරල රේඛීය දුර අඩු වන බැවින් වේ. ක්ෂිතිජය අසල ඇති වස්තූන් (සාමාන්‍යයෙන්) ඉහළින් ඇති ඒවාට වඩා දුරින් ඇතැයි සිතීමට අපගේ මොළය විටෙක උත්සහ කරයි . ඉතින්, අපි සඳ දෙස බලන විටද ඉහත සංසිද්ධියම අපේ මොළය තුළ සිදු වේ. Unsplash image 9

අපගේ මොළය තුළ සිදුවන එම දුර හා ප්‍රමාණ අතර සම්බන්ධතා ගොඩ නගා ගැනීමේ ක්‍රියාවලිය සඳ, සූර්යයා හෝ වෙනත් ආකාශ වස්තූන් වැනි අපට බොහෝ දුරින් පිහිට් වස්තූන් සඳහා භාවිතා කළ නොහැක. මන්ද ඒවා ක්ෂිතිජයෙන් දිස්වූවාද නැතහොත් උච්චයෙන් දිස් වුවද යන්නෙහි සැලකිය යුතු දුර වෙනසක් නොතිබෙන නිසාවෙනි.

Unsplash image 9

කෙසේ වෙතත්, අපගේ මොළය අප සඳ දෙස බලන විට දුර ප්‍රමාණයේ සම්බන්ධතාවය ගොඩනැගීම සඳහා ඉහත සඳහන් කළ ක්‍රියාවලියම යෙදීමට උත්සාහ කරන අතර එය සිතන්නේ ක්ෂිතිජ චන්ද්‍රයා , ඉහළ අහසේ සිටින සඳට වඩා දුරින් සිටින බවය. එම නිසා අපගේ මොළය මගින් සඳෙහි ප්‍රමාණයට යම් කිසි නිවැරැදි කිරීමක් ලෙස ඇස දකින රූපයට වඩා විශල රූපයක් අපට පෙන්වීමට උත්සාහ කරයි. එමනිසා, දෘෂ්ටි විතානයේ රූපය එකම ප්‍රමාණයක් වුවද ක්ෂිතිජයේ ඇති චන්ද්‍රයාගේ සැබෑ ප්‍රමාණය සාමන්‍ය සඳට වඩා විශාල බව අපගේ මොළය අපට පවසයි .

අප බලන මොහොතේ සඳෙහි පසුබිම ද අපගේ මොළය තුළ ඇති මෙම ප්‍රමාණය විනිශ්චය කිරීමේ ක්‍රියාවලියට බලපායි. පහත රූපයේ දැක්වෙන්නේ එම බලපෑමයි. අප බොහෝ දෙනා දකින්නේ ඉහළ සඳ, පහළින් ඇති සඳට වඩා විශාල බවයි. ඇසට පෙනෙන දුම්රිය මාර්ගයේ අභිසාරීතාවය මත පදනම්ව ඉහල ඇති සඳ පහල ඇති සඳට වඩා දුරින් පිහිටා ඇති බව මොළය මගින් නිර්නය කරයි . එහෙත් ඒවා සමාන ය. මෙය ** Ponzo Illusion** ලෙස හැඳින්වේ.

දැන් ඔබට පෙනෙනවාද අපේ මොළය කෙතරම් පුදුමාකාරද කියා.! එය අපගේ ඇස්වලින් අප දකින දේ ගැන බොරු කීමට පුළුවන් … හොඳයි, ඉතින් ඒ නිසා තමයි එය මායාවක් කියල කියන්නේ .

2.2 සාපේක්ෂ ප්‍රමාණයේ කල්පිතය

චන්ද්‍ර මායාව සඳහා ඊළඟ හොඳම පැහැදිලි කිරීම මෙය වන අතර, එයින් කියැවෙන්නේ මිනිස් මොළය විසින් වටහා ගන්නා ලද ප්‍රමාණය දෘෂ්ටි විතානයේ රූපයේ ප්‍රමාණය මත පමණක් නොව, අවට ඇති අවට වස්තූන්ගේ ප්‍රමාණයන් මත ද රඳා පවතින බවයි. මෙම සංසිද්ධිය The Ebbinghaus Illusion ලෙස නම් කර ඇත ඉහත අර්ථ දැක්වීම සමඟ පටලවා නොගන්න. අපි මේ ගැන සරල ආකාරයකින් බලමු.

Unsplash image 9

මෙම රූපය the Ebbinghaus illusion නිදර්ශනයකි. ඉහත රූප දෙකෙන් වඩාත් විශාල තැඹිලි පාට රවුම කුමක්ද? නිවැරදි පිළිතුර නම්; ඒවා ප්‍රමාණයෙන් සමානය . එහෙත්, ඒවා වටේ ඇති නිල් රවුම් වල ප්‍රමාණයන් සමඟ, ඔබ බොහෝ දෙනෙකුට දකුණු පැත්තේ තැඹිලි කවය විශාල බව පෙනේ. Unsplash image 9

මෙම animation එක තවත් පියවර සමඟ ඉහත සංසිද්ධියම වඩාත් පැහැදිලිව පෙන්වයි. නිල් පැහැති රවුම් විශාල වන විට තැඹිලි පාට කවයේ ප්‍රමාණය අඩු වන බව ඔබට පෙනෙනු ඇත. මෙයින් අදහස් කරන්නේ, අවට වස්තූන්ගේ දෘශ්‍ය ප්‍රමාණය කුඩා වන විට, යම් නිශ්චිත වස්තුවක් අපගේ මොළය විසින් නියම ප්‍රමාණයට වඩා විශාල ලෙස වටහාගෙන ඇති බවයි.

ක්ෂිතිජයේ සිටින චන්ද්‍රයා හරියට කුඩා නිල් රවුම් වටකරගත් තැඹිලි රවුම වගේ. මොකද සම්පූර්ණදර්ශන පථය කුඩයි. හැබැයි ඉහළ අහසේ සඳ බලනකොට විශාල දර්ශන පථයක් ඇසට එකවර හසු වෙනවා. ඒ තමයි අර්ධ ගෝලාකාර රෑ අහස . ඒක හරියට ඉහල අහසේ ඇති චන්ද්‍රයා විශාල වට රවුම් සහිත වම් රටාව ලෙස නිරූපණය කළ හැකිය. එම නිසා, පුළුල් අහසට අවට ප්‍රදේශය කරගත් ඉහල අහසේ සඳට වඩා ක්ෂිතිජයේ චන්ද්‍රයාට කුඩා වට පිටාවක ඇති බැවින් ක්ෂිතිජයේ චන්ද්‍රයා විශාල ලෙස අපට පෙනේ. දැන් මම හිතන්නේ ඔබට ක්ෂිතිජ චන්ද්‍රයා උච්ච සඳට වඩා විශාල ලෙස පෙනෙන්නේ ඇයිද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් ඇති.

මෙම බ්ලොග් සටහනේ අපි රාත්‍රී අහසේ චන්ද්‍රයා විවිධ ප්‍රමාණවලින් දර්ශනය වීමට හේතු වන සංසිද්ධි දෙකක් සාකච්ඡා කළෙමු. මේ දෙකෙහිම ඔබට පැහැදිලි අදහසක් ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි … එපමණක්ද ????? නෑ.

ඡායාරූප වල සඳ විශාල ලෙස පෙනෙන්නේ කෙසේද?

දැන් මම කිව්වා වඩා විශාල සඳ අපේ මොළය තුළ සිදුවන මිත්‍යාවක් විතරයි කියලා. එසේනම් මෙම ලිපියේ ශීර්ෂ රූපය සහ පහත දැක්වෙන රූපය මෙන් සමහර ඡායාරූප වල සඳ අපට විශාල ලෙස පෙනෙන්නේ ඇයි ??

Unsplash image 9

මෙම ඡායාරූපය ඩිජිටල් කැමරාවක් සමඟ ග්‍රීසියේදී ගත් සැබෑ ඡායාරූපයකි. සැබවින්ම සැලකිය යුතු තරම් හොඳ ටෙලිෆොටෝ කාච කට්ටලයක් සමඟ මේ තරම් විශාල සඳක් ඔබට ඡායාරූප ගත කිරීමට හැකියාව තිබෙනවා . නමුත් ඔබ ඉලක්කගත වස්තූන්ගෙන් බොහෝ දුර ගමන් කළ යුතුය. ඉහත රූපයේ දී නම් ඔබ කැමරාව සමඟ ගොඩනැගිල්ලෙන් බොහෝ දුර යා යුතුය. ඔබට අවශ්‍ය ප්‍රමාණයට ගොඩනැගිල්ල සහ සඳ විශාලනය කර ගත්තාට පසුව ඡායාරූපය ලබා ගත යුතුය .

Some example telephoto lenses and photos taken by different lenses.

සඳ මායාව ගැන මට ඔබ සමඟ බෙදා ගැනීමට ඇත්තේ එපමණයි. ලිපියේ අන්තර්ගතය පිළිබඳව වැඩි විස්තර හෝ ඔබට පැහැදිලි නැති දෙයක් ඇත්නම් විමසන්න .

Leave a comment